පොහොය දිනයේ සිල් සමාදන් වීමේ වැදගත්කම

 



පොහොය දිනයේ වැදගත්කම සහ එයට යම් විද්‍යාත්මක පසුබිමක් තියෙනවද ?

 

බෞද්ධයනට පොහොය දිනය වැදගත් කමක් ගන්නේ, ශාසනික ඉතිහාසයේ විශේෂ කර්තව්‍යන් සිදුවෙන නිසාය. එවැනි ශාසනික සිදුවීම් පොහොය දිනයක් තුලදීම සිදුවීමේ විද්‍යාත්මක සුවිශේසීත්වයකුත් පවතිනවා. පෘථිවිය කේන්ද්‍රව චන්ද්‍රයාගේ ගමන් මාර්ගය දින 29 පමණ වූ කාලය තුල සූර්ය ආලෝකය පරිපුර්ණ ලෙස චන්ද්‍රයා මත වැටෙන ආකාරයට සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා පිහිටීමේ විශේෂ අවස්ථාව, පොහොය දිනය ලෙස සලකන්න පුළුවන්. මේ අවස්ථාවේ පුර්ණ චන්ද්‍රයා දිස්වීම පුර පොහොය දවස ලෙස අපි සලකනවා. මෙම පිහිටීම නිසා ස්වභාවධර්මයේ මෙන්ම පුද්ගල, සත්ව චර්යාවන්ගේ යම් වෙනස්කම් සිදුවීම අපිට දකින්න පුළුවන්. උදාහරණයක් ලෙස, පොහොය දිනයක මුහුදේ කැළඹීම, රළ නැඟීමේ ඉහළ යාම දකින්න පුළුවන්. ඒ වගේම සත්වන්ගේ ක්‍රියාකාරකම් වල යම් උද්යෝගීබවක් පොහොය දිනයක අපට දකින්න පුළුවන්. සමහර විස සහිත සත්වයින්ගේ විෂ උග්‍ර වීම, ඒ වගේම සමහර සත්වයින් උඩු බිරීම ආදී විශේෂ හැසිරීම පෙන්වනවා. පුද්ගලයෙක්ගේ හැසිරීම් දිහා බැලුවත්, අපට ඒ විශේෂ හැසිරීම දකින්න පුළුවන්, විශේෂයෙන් සාමාන්‍ය කටවහරේ කියනවා, පොහොය දිනයක සමහර අයකුගේ උමතු බව වැඩිවෙනවා කියල. ඒ විතරක් නෙවෙයි, යම් ආදරය වැනි හැඟීම් උද්දීපනය වීම විතරක් නෙවෙයි, යම් වෛරී හැඟීම් පවතිනවනානම් එයත් උද්දීපනය වීම දකින්න පුළුවන්.



එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පෙර උන්වහන්සේගේ උත්පත්ත්ය පිණිස පස්මහ බැළුම් (කාලය, දීපය,දේශය, කුලය, මව්)  බලනවා කියල ධර්මයේ විස්තර කරනවා. එතනදී කාලය විදිහට අපි දකිනවා උන්වහන්සේගේ උපත පොහොය දවසක සිදුවෙලා තියෙනවා, උපත විතරක් නෙවයි, බුද්ධත්වය, පරිනිර්වාණය වගේ සුවිශේෂී සිදුවීම් රාශියක් මෙලෙස පොහොය දිනය තුලම තෝරා ගැනීම සඳහා, පොහොය දිනය විශේෂ වෙලා තියෙනවා.

 

එක හේතුව විදිහට, අපිට දකින්න පුළුවන් පුද්ගලයාගේ කායික සහ මානසික ක්‍රියාකාරීත්වයේ යම් උත්තේජනයක්, යම් වර්ධනයක් පොහොය දවස තුල ලබා ගැනීමට පුළුවන් කමක් තියෙනවා. පුද්ගලයන් මෙන්ම අජීව සියලු ස්වභාව ධර්මයන් නිර්මාණය වෙලා තියෙන්නේ ශක්තීන් මත, පොහොය දිනයේ දී පෘථිවි ගුරත්වාකර්ෂණය ප්‍රභලතාවය අභිබවා චන්ද්‍රයා මත යම් ගුරත්වාකර්ෂණය බලශක්තියේ යම් නැඟීමක් දකින්න පුළුවන්. ඒ තුල ශක්තීන්ගේ යම් විපර්යාසයක් වන බව තේරුම් ගන්න පුළුවන්. 

 

සම්බුදු රාජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසුවත් උන්වහන්සේ ශ්‍රාවකයන්ගේ ආධ්‍යාත්මික වර්ධනය පිණිස පොහොය දවස තෝරා ගැනීම තුල, පුද්ගලයාගේ චිත්ත ශක්තිය වර්ධනය කරගැනීමට පොහොය දවස උපකාරී කරගෙන ඇති බව තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නොවේ, විශේෂයෙන් පුර්ණ චන්ද්‍රයාගෙන් නික්මෙන ආලෝකය රාත්‍රී කාලයේම පැවතීම තුල බොහෝ පිරිසක් ඒකරාශී කරගැනීමත්, රාත්‍රී කාලයම අධ්‍යාත්මික ගුණයන් වර්ධනය කරගැනීම පොහොය දවස උපයෝගී කරගත්තා.

 

ඒ වගේම, පොහොය දිනයකදී භාවනා ආදී අභ්‍යාසයන් ප්‍රගුණ කරන කෙනෙකුට එම භාවනාව මනාකොට සංවර්ධනය කරගැනීම කල හැකියි. ඒ වගේම සියළු යහපත් හැඟීම තීව්ර කරගැනීමට පොහොය දවස සුවිශේෂීයව උපයෝගී කරගන්න පුළුවන්. 

 

 

පොහොය දිනයේ සිල් සමාදන් වීමේ අරමුණ කුමක්ද?

 

කලින් සාකච්ඡා කල වගේ, ඔබ තුල යම් ගුණ ධර්මයක් පවතිනවනම් එය තවදුරටත් වර්ධනය කරගන්න පුළුවන් විශේෂ දවසක් ලෙස පොහොය දවස හඳුන්වන්න පුළුවන්. බෞද්ධයන් විදිහට අප නිති පන්සිල් සමාදන්ව කටයුතු කරන නිසා, අපට පුළුවන් වන්නම් ඊටත් එහා සීලයක් සමාදන් වෙන්න, එය ඔබේ ජීවිතයට යම් දියුණුවක් ලබාදෙන්න, යම් ජීවිත තෘප්තිමක් ලබාදෙන්න පුළුවන් වෙනවා. ඊටත් වඩා ජීවිතය පිලිබඳ ගැඹුරින් කල්පනා කරන්න එහි සත්‍යතාවය විමර්ශනය කරන්න අපිට යම් කාලයක්, පරිසරයක්, යම් විවේකයක් අපි හදාගන්න ඕන. එම විවේකය කායික වශයෙන් මෙන්ම මානසික වශයෙනුත් අපි හදාගන්නට ඕන. ඒ සඳහා තමයි අපි සීලයක සමාදන් වෙන්නෙ. 'පොහොය' කියන වචනයට පාලි භාෂාවෙන් කියන්නේ 'උපෝසථ' කියල. උපෝසථ යනු 'උපවාස' කියන අර්ථයත් තියෙනවා. උපවාස කියන්නේ වාරණය කරනවා කියන අර්ථයයි. මොනවද වාරණය කරන්නේ? ආහාර වාරණය වෙන්න පුළුවන්. මොනවද මේ ආහාර? ධර්මයේ සඳහන් වෙනවා සතර ආහාරයන් පිළිබඳව. මොනවද මේ සතර ආහාරයන්? සරලව විස්තර කරනවන්, ඇසට වර්ණයන් ආහාරයක්, කනට ශබ්ද ආහාරයක්, දිවට රසය ආහාරයක්, නාසයට ගන්ධය ආහාරයක්, කයට පහස ආහාරයක්, මනසට විවිධ මනෝ සංකල්පයන් ආහාරයක්. එහෙනම් වාරණය කරන්නේ ඔබේ ඉන්ද්‍රීයයන්. උපොසථ සීලය කියන්නේ එහෙනම් ඉන්ද්‍රීය වාරණය කිරීම. එය ඔබ පංච සීලයකට වඩා ගැඹුරින් ප්‍රගුණ කරමින් කෙනෙකුගේ චිත්ත විවේකය, සමාධිය වර්ධනයට දායක කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එම චිත්ත විවේකය තුලින් ජීවිතය පිළිබඳව පහසුවෙන් ගැඹුරින් විමර්ශනය කරන්න එම පරිසරය හේතු කරගන්න පුළුවන්. ඉතින් අපි ඉදිරි සාකච්ඡාවකදී ඒ පිළිබඳවත් විස්තරාත්මකව සිදුකරමු.



උපාසක සහ උපාසිකා නමින් සිල්සමාදන් වූ අය හැඳින්වීමේ විශේෂත්වය කුමක්ද?

 

'උපාසක' යන අර්ථය තුල උපායට අනුව සකස්වන යන අදහස තියෙනවා. ඉන්ද්‍රීය සංවර ගැනීම පිණිස උපායශීලීයව කටයුතු කිරීමට වීර්ය කිරීම  පොහොය දවසේ සිල සමාදන් වූ උපාසක සහ උපාසිකාවන්ගේ විශේෂත්වයයි. ඒ විතරක් නෙවෙයි, අපි හැමෝම විවිධ නම්ගොත් වලින් ආමන්ත්‍රණය  කරගැනීම තුල පුද්ගලභාවය ඉස්මතු වීම වැළක්වීමේ උපායක් විදිහටත් පොදුවේ සෑම දෙනාම උපාසක සහ උපාසිකා නමින් හඳුන්වනු ලබනවා. උදාහරණයන් විදිහට, භික්ෂුවක් පැවදි වීමට කලින් විවිධ නම්ගොත් වලින් හඳුන්වනු ලැබුවත්, පැවදි බව සමඟ උන්වහන්සේට වෙනම පැවිදි නාමයක් ලබාදෙන්නේ, ගිහි ගතිය, ගිහි මතකය ආවර්ජනය වීම වලක්වීමත්, පැවදි බව නිරතුරුව ස්මරණය කිරීම පිණිසත්ය. ඒවගේම උපාසක සහ උපාසිකා නමින් තමන් කල්පනා කිරීම තුල. එදා දවසේ ගිහිගෙවල් වල කටයුතු කරමු ඒ හැඟීම්, එදා දවසට අමතක කරන්නත්, තමන් එදා දවස තුල උතුම් ගුණ වර්ධනය කිරීමේ උපාය සොයමින් කටයුතු කරන්න පහසු කරන්න මෙම ආමන්ත්‍රණය උදව් වෙනවා.





  

 

    



share this article share this article on Facebook share this article on Tiwtter share this article on LinkedIn