Rideekanda Monastery Logo

නේවාසික වැඩසටහන්

හැඳින්වීම

රිදීකන්ද ආරණ්‍ය සේනාසනයේ නේවාසික භාවනා මාධ්‍යස්ථානය සාදරයෙන් පිළිගනිමු - ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රදේශයේ උඩස්ගිරිය ග්‍රාමයට යාබදව පිහිටා ඇති කඳු ගැටයක පිහිටා ඇති භාවනාව උචිත පරිසර පද්ධතියක් සහිත ආරණ්‍යයත්, නේවාසික භාවනා මාධ්‍යස්ථානයත් පිහිටා ඇත.

රිදීකන්ද ආරණ්‍යය මූලික වශයෙන් නේවාසික භාවනා භික්ෂුන්වහන්සේලා වෙනුවන් නිර්මාණය වූවත්, භාවනා පුහුණුව අපේක්ෂා කරන මෙහෙණින් වහන්සේලා සහ ගිහි පිරිමි සහ කාන්තා සියළු පාර්ශ්වයන්ට ගැලපෙන ලෙස කෙටි නේවාසිකව භාවනා වැඩසහන් අප නේවාසික භාවනා මාධ්‍යස්ථානය තුල ක්‍රියාත්මක කෙරේ. එහිදී සතිපතා සහ මාසිකව පැවැත්වෙන එක් දින භාවනා වැඩසටහන් සහ දින 07 නේවාසික සමථ සහ විදර්ශනා භාවනා වැඩසහන් පැවැත්වේ. කෙටි දින වැඩසටහන් සඳහා ද අවස්ථාව ඇත.

භාවනා කම්මට්ඨානාචාර්යන් වහන්සේලාගේ අනුශාසනා සහ ගුරු ඇසුර යටතේ භාවනා පුහුණුව ලැබීමට භාවනායෝගීන් හට අවස්ථාව ලැබෙනු ඇත. සමථ සහ විදර්ශනා භාවනා පුහුණුව තුලින් ආර්ය මාර්ගය මනා කොට වඩා ගැනීමටත්, උතුම් අවබෝධයන් පිණිස වූ ධර්මය ඉගැනීම සහ ඒ තුලින් පෞද්ගලික කර්මස්ථානයන් සමාදන් වීමත්, මෙම භාවනා පුහුණු වැඩසටහන් තුලින් අවස්ථාව හිමිවේ.

නවාතැන් සහ දාන පහසුකම්

භාවනායෝගී සියලු දෙනාටම අවශ්‍ය නවාතැන් පහසුකම් සහ දානය සලසනු ලැබේ.

වියදම් සහ පරිත්‍යාග

ශ්‍රී ලාංකික සියලුම භාවනායෝගීන් හට මෙම භාවනා වැඩසටහන් සඳහා අයකිරීමක් සිදුනොකෙරේ. නමුත් පුහුණුව ලබන නේවාසික සියලුදෙනාට අවශ්‍යය දානය සඳහා වියදම් සහ ආරණ්‍යයේ අනෙකුත් පිරිවැය සදහා ඔබ සියලු දෙනාගේ පරිත්‍යාගයන් අපේක්ෂා කරමු.

වෙන්කරවා ගන්නේ කෙසේද?

අපි ප්‍රධාන වශයෙන් සෑම මසකම කලින් සැලසුම් කළ දිනවල පවත්වනු ලබන සත් දින සමථ සහ විපස්සනා භාවනා වැඩසටහන පැවැත්වේ. තෝරාගත් දිනවල කෙටි කාලීන වැඩසටහන් වලට ද සම්බන්ධ විය හැක.

ඉඩකඩ සීමිත බැවින් කලින් දින වෙන්කරවා ගැනීම සිදුසුයි.

ඔබේ ස්ථානය වෙන්කරවා ගැනීමට:

  1. අපගේ වෙබ් අඩවිය හරහා මාර්ගගතව වෙන්කරවා ගන්න - www.rideekanda.com
  2. WhatsApp හෝ දුරකථනය හරහා අප හා සම්බන්ධ වන්න:+94 74 225 2980
  3. අපට විද්‍යුත් තැපැල් කරන්න: rideekanda@gmail.com
Rideekanda Monastery Logo

වැඩසටහන්

දින 07 සමථ සහ විපස්සනා භාවනා වැඩසටහන

පැවැත්වෙන දිනයන් : සෑම මාසයකම කලින් සැලසුම් කරගත් දින 07ක එක් වැඩසහනක් පැවැත්වේ.

සම්බන්ධ විය හැකි අය: භික්ෂුන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා, ගිහි පිරිමි සහ කාන්තාවනට සම්බන්ද විය හැකියි.

සම්බන්ධ විය හැකි ආකාරය: සතියකට පෙර කලින් දින වෙන්කර ගත යුතුයි. (පහත සඳහන් අයදුම් පත වට්ස්ඇප් හරහා හෝ එමේල් මාර්ගයෙන් එවීම කර යුතුයි)

වැඩසටහන පිළිබඳව හැඳින්වීම:

ථෙරවාද බුද්ධ දර්ශනයහි කෙළවර දර්ශනය වූ නිර්වාණය අරමුණු කරගත්, ඒ සඳහා සැකසු ක්‍රමානුකුල මාර්ගයක භාවනා යෝගීන් ව ගමන් කරවීම පිණිස නේවාසික හාවනා වැඩසටහන් තුල පුහුණු කරවයි.

මුලික අදියර ලෙස භාවනා යෝගීයාගේ චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරවීම සඳහා විවිධ සමථ භාවනා කර්මස්ථානයන් නිර්දේශ කරමින්, ඒ ඔස්සේ විදර්ශනාව සඳහා අවශ්‍ය මුලික චිත්ත ඒකාග්‍රතාවය තහවුරු කරවීම සිදුකරයි.

ඉන්පසු ආර්ය මාර්ගයේ පිළිවෙළින් උදය-වය, භංගය, අදීනවානුපස්සනා ආදී වූ ඥානයන් ප්‍රත්‍යක්ෂය කිරීම උදෙසා අවශ්‍ය ධර්ම දර්ශන ඉගැන්වීම සහ ඊට අදාළ වූ පෞද්ගලික කර්මස්ථානයන් නිර්දේශ කරමින්, එය ප්‍රයෝගිකව වැඩීම පිණිස මාර්ග උපදේශනය විපස්සනා භාවනා වැඩසටහනේ සිදුකරයි. ක්‍රමයෙන් ධර්ම මාර්ගය ඔස්සේ පරිණත වන භාවනා යෝගීයා ගැඹුරු ධර්ම දර්ශන අධ්‍යනය කරමින් සම්මා ඥානයන්ගේ ප්‍රත්‍යක්ෂතාවයත් එමගින් අත්දකින ජීවිත අවබෝධයත් මෙම විදර්ශනා භාවනා වැඩසටහන තුලින් ලඟා කරගනියි.

ඒ සඳහා මුල සිට අද දක්වා ශ්‍රී සද්ධර්මය, ත්‍රිපිටක ගත සූත්‍ර, අභිධර්මය සහ විනය තුලින් උගන්වමින්, එහි ප්‍රායෝගික දර්ශනයන් කර්මස්ථාන මඟින් වැඩවීම සඳහා මාර්ගෝපදේශයන් ලබා දීම සිදුකරයි. ගුරුගුවරයා සමඟ ලඟින් ඇසුරු කිරීමටත් ඒ තුලින් ධර්ම ගැටළු ප්‍රායෝගික ගැටළු නිරාකරණය කර ගැනීමටත් නේවාසික හාවනා වැඩසටහන සම්බන්ධ වන භාවනායෝගීන්ට අවස්ථාව හිමිවේ.

PDF ලේඛන:

දින චරියාව
(මෙම දින චරියාව භාවනා වැඩසටහනේ ස්වභාවය අනුව වෙනස් වේ.)

Download Daily Routine PDF
Rideekanda Monastery Logo

විචාර

Rideekanda Monastery Logo

වෙන්කරවා ගැනීම

අපව අමතන්න

ඔබට පහත සඳහන් ඕනෑම මාර්ගයක් හරහා අප හා සම්බන්ධ විය හැකිය:

  1. අපගේ වෙබ් අඩවිය හරහා මාර්ගගතව වෙන්කරවා ගන්න - www.rideekanda.com
  2. WhatsApp හෝ දුරකථනය හරහා අප හා සම්බන්ධ වන්න:+94 74 225 2980
  3. අපට විද්‍යුත් තැපැල් කරන්න:: rideekanda@gmail.com