 |
උතුම් පැවිදි දිවියට ආරාධනා |
“භික්ඛවේ, අප්පමාදේන සම්පාදේථ, දුල්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්මිං, දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ, දුල්ලභා සද්ධාසම්පත්ති. දුල්ලභා පබ්බජ්ජා. දුල්ලභං සද්ධම්මස්සවණං’-(බ්‍රාහ්මණ සංයුත්තට්ඨකථා)
මහණෙනි, සිහියෙන් යුක්ත ව සකල කෘත්‍යයන් සම්පාදනය කරව්. ලෝකයෙහි බුද්ධොත්පාදය දුර්ලභ ය. මනුෂ්‍යාත්මය දුර්ලභ ය. ශ්‍රද්ධාසම්පත්තිය දුර්ලභ ය. ප්‍රව්‍රජ්‍යාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය.
අති උත්තරීතර ගෞතම බුද්ධ ශාසනයේ දුර්ලභ යාවජීව පැවදි බව ලබන්නට මහඟු අවස්ථාවක් මාතලේ උඩස්ගිරිය රිදීකන්ද ආරණ්‍යය සේනාසනය මඟින් ඔබ සැමට උදාකර ඇත.
උතුම් පැවදි භූමියේ ප්‍රමුඛ අරමුණ ලෙස, ලක්දිව අතීත ආරණ්‍යය සම්ප්‍රදාය රැකගනිමින් ආරණ්‍යය වාසී භික්ෂුන්වහන්සේ නමක් ලෙස වැඩහිඳිමින්, ශාසනයේ උතුම් දායාදයන් වන සෝවාන්, සකෘදාගාමී, අනාගාමී අරිහත් ඵල පිණිස වීරිය වැඩීමට අවස්ථාව හිමිකරදීම මෙහි මූලික අභිලාශයයි. ඒ උතුම් අරමුණ සාක්ෂාත් වීම පිණිස වූ කල්‍යාණමිත්‍රතාවය සහ ආර්ය මාර්ගෝපදේශනය, ආරණ්‍යය සේනාසනයේ වැඩවසන කම්මඨානාචාර්ය වහන්සේ සහ අචාර්යවහන්සේලාගෙන් නොඅඩුව ලැබෙනු ඇත. සමථ විදර්ශනාධූරයංහි මනාකොට ක්‍රියාත්මක වෙමින්, ආර්ය විනය මත මනාකොට හික්වෙමින් ශාසනය තුල බලාපොරොත්තු වන ධර්මධර හා විනයධර මනා භික්ෂුත්වයක් නිර්මාණය කිරීමට මෙමඟින් හැකිවනු ඇත.
මෙම උතුම් කර්තව්‍යය සඳහා උත්තේජනය සහ පෙළෙඹවීම ඇතිවූයේ, අප ආරණ්‍යය විසින් දැනටමත් ක්‍රියාත්මක කෙරෙන "තාවකාලික පැවදි පුහුණු වැඩසටහන" තුලින් බව සිහිපත් කලයුතුය. එම දින 15 හි තාවකාලික පැවදි පුහුණු වැඩසටහන තුලින් සිදුවන පුද්ගල පරිවර්තනය, අර්ථසම්පන්න පරිපූර්ණ ජීවිත පරිවර්තනයක් බවට පත්කිරීමේ අවස්ථාව මෙමඟින් උදාවනු ඇත. යමෙකුට යාවජීව පැවදි භාවයට පෙර, පැවදි බව පිලිබඳ මූලික අර්ථය දැනගැනීමට හා එම අත්දැකීම විඳගැනීමට කැමතිනම්, මූලික වශයෙන් මෙම දින 15 හි තාවකාලික පැවදි පුහුණු වැඩසටහන හා සම්බන්ධවීමටද අවස්ථාව හිමිකර දිය හැකිය.
උතුම් බුද්ධ ශාසනයේ පැවදි වත දැරීමට සිත් පහළ වෙත්වා!
|
වැඩි විස්තර සඳහා: |
Mobile/WhatsApp: +94742252980 Email : rideekanda@gmail.com Web : https://www.rideekanda.com
|
|
|
|