තාවකාලික පැවදි පුහුණු වැඩසටහන | රිදීකන්ද ආරණ්‍යය | Temporary Ordination Documentary

තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන

 අතුරුදහන් වෙමින් පවතින අතීත ලක්දිව ථෙරවාද බුදුසසුනේ ආරණ්‍යය සම්ප්‍රදාය සුරක්ෂිත කිරීම උදෙසා නිර්මාණය කෙරෙන තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන, මාතලේ උඩස්ගිරිය රිදීකන්ද ආරණ්‍යය සේනාසනය තුලදී වර්ෂ 2022 ඔක්තෝබර් මාසයේ දී සිදුකිරීමට නියමිතයි.

මෙම වැඩසටහන තුලින්, දින 15 ක් පුරාවට ඒ අතීත ආරණ්‍යය සම්ප්‍රදායන් තුලට පිවිසී ආරණ්‍යය වාසීව ආරණ්‍යය වත පුහුණු වීමට සැලැස්වීම කෙනෙකුට ලැබෙන මහඟු අවස්ථාවකි. එම කාලය තුල භාවනා කම්මට්ඨානාචාර්‍යයන් වහන්සේලාගේ ගුරුහරුකම් ලබමින් නිවැරදි මාර්ගෝපදේශයන් යටතේ සමථ විදර්ශනා භාවනා කර්මස්ථානයන් වඩමින් ආර්ය මාර්ගය ඔස්සේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් යන උතුම් ඵල අවබෝධයට පත්වීමට මුලික අඩිතාලම සැලසීම මෙහි මුලික අරමුණයි.

ඊට අමතරව, පැවදි ජීවිතය තුලින් පෝෂණය වන ඉවසීම, දරාගැනීම, නිහතමානිත්වය වැනි උතුම් පුද්ගල චර්යාවන් මෙන්ම සමාජ ප්‍රියශීලී, විනයගරුක පුද්ගල පරිවර්තනයක් ලඟාකරගැනීම මෙම වැඩසටහනේ තවත් අරමුණකි. එමෙන්ම, රිදීකන්ද ආරණ්‍යය සේනාසනය තුල පවත්වාගෙන ගෙන යනු ලබන විශේෂ ආරණ්‍යය සම්ප්‍රදායන් අතර පිණ්ඩපාත වත, ආරණ්‍යය චීවර සැකසීම හා චීවර පඬු පෙවීමේ වත ආදී විවිධ සම්ප්‍රදායන් හි අත්දැකීම් ලබාගැනීමට මෙම දෙසතිය තුල තාවකාලික පැවිදි පුහුණු ශිෂ්‍යයන්ට හැකිවේ.

වයස් සීමාවකින් තොරව, ආගම් බේදයකින් තොරව ඕනෑම අයෙකුට මෙම තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන හා සම්බන්ධ වියහැකි අතර, සුදුසු ශාරීරික හා මානසික යෝග්‍යතාවය පරීක්ෂාකිරීම සඳහා සම්මුඛ පරීක්ෂණයකදී පරීක්ෂා කරනු ලබයි.

(සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන වෙලාව හා ස්ථානය: ඔක්තෝබර් 20 වන බ්‍රහස්පතින්දා උදේ 9.00 ට ශ්‍රී අභයාරාම පුරාණ ටැම්පිට විහාරය, දොරටියාව, කොන්පොල, කුරුණෑගල.). 

පොදු ප්‍රවාහන බස්රථ වල පැමිණෙන අය කුරුණෑගල ප්‍රධාන බස්නැවතුම් පොළ ඉදිරිපිට ඇති ප්‍රාදේශීය බස්නැවතුම් පලේ "කෝන්පොල-කුරුණෑගල" බස්රථයේ පැමිණ, ශ්‍රී අභයාරාම පුරාණ ටැම්පිට විහාරය ඉදිරියෙන් බැසිය හැක.

පෞද්ගලික වාහන වල පැමිණෙන අය, කුරුනෙගල සිට "කුරුණෑගල-කටුගස්තොට" ප්‍රධාන මාර්ගයේ 4km කටුගස්තොට දෙසට පැමිණ, මල්ලවපිටිය මුස්ලිම් පල්ලිය අසල තුන්මං හන්දියෙන් දකුණට හැරී 5km දුරක් පැමිණිය යුතුය.

විහාරස්ථානයේ google location : https://goo.gl/maps/xewGUq1gUAGYoFddA 

FAQ 

1. මෙම වැඩසටහන කාන්තාවන්ට සහභාගී විය හැකිද?  බැහැ. මෙය හුදෙක් භික්ෂු පැවදි පුහුණු වැඩසටහනකි.

2. මෙම වැඩසටහනට මුදල් අයකිරීමක් කරනවාද?  නැත. නමුත්, පැවදි වීම සඳහා අවශ්‍යය සිවුරු පාත්‍ර ආදී භාණ්ඩ ඔබ විසින් රැගෙන ආ යුතුයි. එම ලැයිස්තුව සම්මුඛ පරීක්ෂණයෙදී ලබා දේ.

3. හිස මුඩු කිරීම අනිවාර්යද?  ඔව්. විනායානුකුලව පැවදි කිරීම සිදුකෙරේ.

4. භාරකාරත්වයේ අවසරය අවශ්‍යද?  ඔව්. ඊට අමතරව, ග්‍රාමසේවක සහතිකය, වෛද්‍ය සහතිකය සහ රැකියාවක නිරත වේ නම්, නිවාඩු අනුමත සහතිකය ඉදිරිපත් කලයුතුය. මෙම ලිපි ලේඛන පැවදි වන දවසේ දී අවශ්‍යය වේ. සම්මුඛ පරීක්ෂණය අවශ්‍යය නොවේ. 

5. දින 15 පසු, කැමතිනම් කෙනෙකුට දීර්ඝව ශාසනයේ පැවදි බව තුල රැඳී සිටිය හැකිද?  ඔව්. ඒ සඳහා අවශ්‍යය පසුබිම සකසා දෙනු ලැබේ.

6. වැඩසහටහනට සහභාගී වන කාලසීමාව තමන්ට පහසු ලෙස තෝරා ගත හැකිද?  පුළුවන්. 
  වැඩසටහන් කාලසටහන: 
  2022 නොවැම්බර් 01 සිට 15 දක්වා 
  2022 දෙසැම්බර් 01 සිට 15 දක්වා 

7. එක් වැඩසටහනකට බඳවා ගන්නා පිරිස?  15 දෙනයි. 

8. දින 15 වැඩසටහන අතරතුර දුරකථන පරිහරණය කලහැකිද?  සම්පුර්ණයෙන් තහනම්. 

9. සම්මුඛපරීක්ෂණය ට රැගෙන ආයුතු දේ මොනවද?  ඔබේ ජාතික හැඳුනුම් පත්‍රය ප්‍රමාණවත්. 

10. සම්මුඛපරීක්ෂණයෙදී පරීක්ෂාවට ලක්කරන්නේ කුමක්ද?  ඔබේ ශාරීරික සහ මානසික යෝග්‍යතාවය යි. 

මීට අමතරව මෙම වැඩසටහන පිළිබඳව සම්පුර්ණ දැනුවත්කිරීමක් සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන අවස්ථාවේ දී සිදුකෙරේ.

වැඩි විස්තර සඳහා:

Mobile: +94742252980
Email : rideekanda@gmail.com
Web : https://www.rideekanda.com

share this article share this article on Facebook share this article on Tiwtter share this article on LinkedIn