
සේනාධිපති · ප්‍රධාන කම්මට්ඨානාචාර්‍ය
අති පූජ්‍ය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත අනුරාධපුර අරියජීව ස්වාමීන් වහන්සේ
භාවනා උපදේශක — ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් බෞද්ධ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවේ කුරුණෑගල කූන්පොල ශ්‍රී අභයාරාමය පුරාණ ටැම්පිට විහාරය සහ මාතලේ රිදීකන්ද ආරණ්‍ය සේනාසනය යන විහාරස්ථානයන්හි ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ.
අති පූජ්‍ය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්‍ය අනුරාධපුර අරියජීව ස්වාමීන් වහන්සේ, අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ආණමඩුවේ සද්ධර්මකීර්ති ශ්‍රී රතනපාල බුද්ධ රක්ඛිත ධම්මදස්සනාභිධාන නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස උපසම්පදාධූරයට සපැමිණ, වර්තමානයේ කුරුණෑගල කොන්පොල ශ්‍රී අභිනවාරාමය පුරාණ ටැම්පිට විහාරය, කහහේන ශ්‍රී අභිනවාරාමය විහාරය සහ උඩස්ගිරිය රිදීකන්ද ආරණ්‍යයෙහි අධිපතීත්වය හොබවමින් ශාසන මෙහෙවර සිදුකරයි.
සිංහල, පාලි, සංස්කෘත සහ ඉංග්‍රීසි භාෂාවන්ගේ ප්‍රවීණත්වයත්, රාජකීය පණ්ඩිත උපාධියත් මෙන්ම වසර ගණනක් තිස්සේ ශ්‍රීපාදය, අනුරාධපුරය සහ පොළොන්නරුව ආදී ප්‍රදේශයන්හි වනවාසීව භාවනායෝගීව වැඩවාසය කරමින් ධර්ම අවබෝධයට සහ එහි නිපුණත්වයට පත්වෙමින්, කම්මට්ඨානාචාර්‍යවරයකු සහ භාවනා ගුරුවරයෙකු ලෙස බොහෝ භාවනායෝගීන්ගේ හිතසුව පිණිස කටයුතු කරයි.
රිදීකන්ද ආරණ්‍ය සේනාසනයේ සියලු නේවාසික භික්ෂුන් වහන්සේලා සහ භාවනායෝගීන්ගේ වැඩසටහන් මෙහෙයවමින්, බොහෝ පිරිසකගේ ලෝකෝත්තර මාර්ගය මෙන්ම ලෞකික කායික මානසික සුවපත්භාවය පිණිස මාර්ගෝපදේශකත්වය ලබා දෙයි.
එමෙන්ම, බටහිර මනෝවිද්‍යාව මෙන්ම බෞද්ධ මනෝවිද්‍යාව පිළිබඳ ක්ෂේත්‍රයන්හි කටයුතු කරමින් විවිධ සමාජ හා ශාසනික මෙහෙවරයන් වර්තමානයේ සිදුකරමින් වැඩ වාසය කරයි.



